මගේ සහෝදරයා මතුකරපු ප්‍රශ්නයක් නිසා මේගැන ලිපියක්න් පොඩ්ඩක් කථා කර නම් ටිකක් හොදයි කියල හිතුනා
මෙන්න මෙහෙමයි කථාව
අපි රජයට බදු ගෙවනවා, office යන්නත් පාවිච්චි කරනේ අපේ වාහනේ බෙහෙත් ගන්න වගේ දෙකට රජයේ රෝහලකට යන්නෙම නැති තරම්
අපේ මේ සමාජ පන්තියේ ඉන්න අතිශය බහුතරයකට තියන ප්‍රශ්නයක් තමයි ළමයි පාසල් වලට දාගන්න ඒක.
අල්ලස් දීල හොර ඔප්පු හදල මුල ඉදලම බොරු කරලා ලක්ෂ ගානක් වියදම් කරලා ළමයි හොද ඉස්කෝලෙට දාගන්න හැමෝටම ලැබෙන්නේ නැහැ
සමහරු ඔය බොරුව කරන්න කැමති නැ.එහෙම බැහැ කියල ගෙවල් ලග කිට්ටුව තියන පොඩි ඉස්කෝලෙකට ළමයව දන එක වෙන්නෙත් නෑ.
එකම ගැලවුම පුද්ගලික පාසැල්. මහා ආසාවකින් කැමැත්තකින් නොකරත් විකල්පයක් නෑ.
ආණ්ඩුවට කිසිම බරක් නොවී , ආණ්ඩුවේන් කිසිම දෙයක් ගන්නේ නැතුව ආණ්ඩුවට ඔකොම බදුත් ගෙවල අන්තිමට අපේ ළමයි අපේ සල්ලි වලින් ම පාසල් අද්‍යාපනය කරාට පස්සේ ඒ ළමයින්ට දේශීය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්නත් බැහැ.
පුද්ගලික හොද විශ්ව විද්‍යාල රටතුල තිබිය යුතුමයි. එහි හොද නියාමනයක් පවත්වා ගන්න අවශ්‍ය පහසුකම් සලසන්න රජයට හැකියාවක් තිබිය යුතුයි.
එහෙම නැත්නම් මෙලමයි රටයවල අපි ට උගන්න්වන්න වෙනවා. එහෙම කරන්න බැරි කමක් නැහැ ළමය වෙනේව්න් ණය වෙලා හරි තියන දෙයක් විකුණලා හරි නැත්නම් ග්රටිවිටි එපිෆ් හරි අරන් ළමයට උගන්වන්න අපිට පුළුවන් හොඩාක් දෙමවුපියෝ එහෙමයි .එත් ඒ වියදම් වෙන්නේ අපේ රටේ සල්ලි ම තමයි
මද්‍යම පාන්තික, සාමාන්‍ය හොද රැකියාවක් කරන මිනිසුන්ට ප්‍රශ්න තියනවා..... මේ රටේ ඉන්නේ එදාවේල කන්න නැති දුප්පත් අහිංසක අසරණ මිනිස්සු විතරක් ම නෙවෙයි.
No comments:
Post a Comment