රජයේ විශ්වවීද්‍යාල ඉන්දියානු රජයේ විශ්ව විද්‍යාල මට්ටම ට වැටෙන දවස වැඩි ඇතක නෙවෙන බව නම් පැහැදිලියි, SAITM විරෝදය , අද්‍යාපනය පුද්ගලික කරණය ආදී බොළද සටන් පාට වලින් අහිංසක මිනිසු රවටන්න අන්තරේ කවදාවත් මේ රටේ තමන් ඉගන ගන්න තමන්ගේ විශ්වවිද්‍යාලයේ උගනාත්මක බව වැඩි කරන්න, විෂය නිර්දේශ අලුත් කරන්න ,ගුරුවරු දෙන්න කියල කගහන්නේ නැත්තේ ඇයි...
world ranking වල අඩුම තරමේ මුල් 2000,ට වත් ලංකාවේ විශ්වවිද්යලක් නැහැ.
මේවගේ ඉතා ශෝචනීය තත්වයක තියන විශ්වවිද්‍යාල පදතිය ගොඩ දන්නා කියල කගහනේ නැතිව කොහෙවත් තියන SAITM එකම ම අල්ලාගෙන දගලන්නේ ඇයි...
මේවා ඉතා සුක්ෂම කුමන්ත්‍රණ, මේවගේ දේවල් ලෝකේ හැමතැනම සිද්ද වෙනදේවල් මේවයේ තියන දරුණු භයානක තත්වය තමයි මේවට කථා කරන මේවට මහන්සි වෙලාව වැඩකරණ අයවත් නොදැන ඔව්න් කරණ වැඩ මේ සැලසුම හදපු අයගේ උවමනාව ඉෂ්ට කරන්න පාර කපල දෙනවා කියන කාරනාව.
දැන් මේ අන්තරේ කෑ ගගනවා හූ තියනවා, SAITM ඉල්ලනවා රයයේ විශ්ව විද්‍යාලවලට සමාන අවස්ථාවක්.SAITM වලින් සල්ලි විසිකරලා ලංකාවේ ඉන්න හොදම මහාචාර්ය වරු තමන්ගේ ළමයින්ට උගන්වන්න අරං ඉවරයි. එයාල දැනුමෙන් සන්නද්ද වෙමින් තියනවා ඔව්න් කෙලින්ම අභියෝග කරනවා ඔකොමලටම එකම විබාගයක් තියන ස්වාදීනව.කොළඹ , පේරාදෙණිය හැරුණු කොට අනිකුත් සියලු පීට යන්ගේ මහාචාර්‍ය එකක සහ අනිකුත් ඒකකයන් වල විශාල අඩුපාඩු ඇතිබවයි, හිතේ හැටියට බලන්න ලෙඩ්ඩු හිටියට උගන්නන්න ගුරුවරු අඩුපාඩු කම් තියනවා. පහසුලම් මදි, රජය ඒ පහසුකම් ලොක්කුවට කප්පාදු නොකරත් පුද්ගලික අංශයට ඊට වැඩි පඩි පහසුකම් ලබාදෙන්න පුළුවන්.
මේකතාව කෙලවර රජයේ විශ්වවිද්‍යාල ළමයිනේ දැනුම ට වඩා පුද්ගලික විශ්වවිද්‍යාල වල ළමයින් දක්ෂයි කියන මතය සමාජ ගත වෙනවා...
ඉන්දියාවේ වගේ යමක් කරගන්න පුළුවන් හැමකෙනාම නිතැතින් යන්නේ ඒ වගේ හොද පිළිගැනීමක් තියන තැනකට, ඒ වගේම එවයේ පිළිගනිම වැඩිකරගන්න තරමට තමයි එයාලා ව්‍යාපාරිකවත් දියුණුවක් ලබනෙත්
අවසානයේ ඉතා දුපත් අහිංසක ළමයින්ට ඉතුරුවෙන්නේ යල් පැනගිය රජයේ විශ්විද්‍යාල. අන්තරේ ඒ දාටත් කෑගහයි SAITM පහපියව් කියල